චීනයේ අනතුරට ලක්වූ ව්‍යායාම ශාලාවේ සුන්බුන් අතර සිටි පුහුණුකරු බේරා ගැනේ (VIDEO)

චීනයේ අනතුරට ලක්වූ ව්‍යායාම ශාලාවේ සුන්බුන් අතර සිටි පුහුණුකරු බේරා ගැනේ (VIDEO)

ඊසානදිග චීනයේ ව්‍යායාම ශාලාවක වහලය සම්පූර්ණයෙන්ම කැඩී යාමෙන් පසු සුන්බුන් අතර සිරවී සිටි පුහුණුකරු බේරා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එම පුහුණුකරුව ගලවා ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක්ද සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර තිබෙනවා

මේ වනවිට අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇති අතර මෙය පාසල් ව්‍යායාම ශාලාවක් බවත් බාලිකා වොලිබෝල් කණ්ඩායමක් භාවිතා කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා

ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව මියගිය අයගෙන් බොහෝ දෙනෙක් කුඩා දරුවන් බවයි සඳහන් වන්නේ

ගොඩනැගිල්ලේ පුද්ගලයින් 19 දෙනෙකු සිටි බවයි නිලධාරීහු පවසන්නේ

8 දෙනෙකු පමණක් දිවි ගලවා ගෙන ඇති අතර මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය පවසනවා

Share This