චීනයේ කුඩා දරුවන් දෙදෙනෙකු මරා දැමූ යුවලකට මරණ දඬුවම ක්‍රියාත්මක කරයි

චීනයේ කුඩා දරුවන් දෙදෙනෙකු මරා දැමූ යුවලකට මරණ දඬුවම ක්‍රියාත්මක කරයි

දරුවන් දෙදෙනෙකු මහල් ගොඩනැගිල්ලක ජනේලයෙන් පිටතට විසි කළ අඹුසැමි යුවලකට චීනය මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙනවා.

දරුවන්ගේ පියා වන Zhang Bo සහ Ye Chengchen නමැති අයටයි මෙලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙන්නේ

2020 වසරේදී දෙහැවිරිදි දැරියක සහ අවුරුද්දක් වයසැති පිරිමි දරුවෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා වැරදිකරුවන් බවට පත්වුණා

Zhang Bo අනියම් සම්බන්ධයක් Ye Chengchen සමග ආරම්භ කර ඇති අතර පසුව ඔහුගේ බිරිඳ දික්කසාද කර ඔහුගේ දරුවන් මරා දැමීමට කුමන්ත්‍රණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ .

කෙසේවෙතත් නිරිතදිග චොංකිං නගරයේදී මෙම යුවළ මරා දමා ඇති බවයි සඳහන් වන්නේ

චීනයේ මරණ දණ්ඩනය බොහෝ දුරට මාරාන්තික එන්නත් හෝ වෙඩි තැබීමේ කණ්ඩායමක් මගින් ක්‍රියාත්මක වුවද, මොවුන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කළේ කෙසේද යන්න පැහැදිලි නැහැ .

Zhang Bo තම විවාහක බිරිඳ දික්කසාද කිරීමෙන් පසු Ye Chengchen ගේ අනුදැනුම මත 2020 නොවැම්බර් 2 වනදා තම දරුවන් 15 වන මහලේ සිට ඔහුගේ මහල් නිවාසයේ ජනේලයෙන් පිටතට විසි කර තිබෙනවා

 

Share This