චීනයේ කොවිඩ් ආසාදිතයින් ඉහළට -රෝහල් ධාරිතාවද ඉක්මවා යයි

චීනයේ කොවිඩ් ආසාදිතයින් ඉහළට -රෝහල් ධාරිතාවද ඉක්මවා යයි

කොවිඩ් ආසාදිතයින් වැඩිවීම නිසා චීනයේ රෝහල් දැනටමත් දැඩි පීඩනයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

කාර්යය මණ්ඩල හිඟය නිසා වෛද්‍යවරුන් සහ හෙදියන්ටද ආසාදිතයින් සමග ගැටීමෙන් වෛරසය සෑදීමේ ප්‍රවණතාවයක් තිබෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා

චීනයේ රෝහල් වැඩි රෝගීන් ප්‍රමාණයක් ඇතුළත් කර ගැනීම සඳහා වාට්ටු ධාරිතාවද වැඩි කර තිබෙනවා

ඔසුසල්වල සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ සඳහා ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ඖෂධවල හිඟයක්ද මතුව තිබෙන අතර Covid-19 නිවෙස් පරීක්ෂණ කට්ටල ලබා ගැනීම ද දුෂ්කරවී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

චීනයේ නිරෝධායන මධ්‍යස්ථාන තාවකාලික රෝහල් පහසුකම් බවට පරිවර්තනය කිරීමටද එරට නිලධාරීන් ආරම්භ කර තිබෙනවා

එමෙන්ම මෙම සතියේ එක් දිනක් තුළ, බීජිං හි ආසාදිතයින් 22,000 ක් පමණ වාර්තා වී ඇති අතර ඔවුන් රෝහල් ගතවීමටද උත්සාහ දරා තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

චීනයේ කොවිඩ් නීතින් දැඩි කිරීමත් සමග එරට ජනතාව පසුගියදා විදීවලට එක්වෙමින් උද්ඝෝෂණවලද නිරත වුණා

 

Share This