චීනයේ ණය ගෙවීම කඩිනම් වෙයි

චීනයේ ණය ගෙවීම කඩිනම් වෙයි

බැංකු මගින් නිවාස හෝ දේපළ ණය ලබා ගත් චීන වැසියන් එම ණය පියවීම කඩිනම් කිරීමේ ප්‍රවණතාවක් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

එරට මහ බැංකු වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසන්නේ චීනයේ මහල් නිවාස සංකීර්ණවලින් නිවාස මිලදී ගැනීම සදහා නිවාස ලබා ගත් බොහෝ පිරිසක් එලෙස ණය ඉක්මනින් පියවීමට යොමුව ඇති බවයි.

කුටුම්භවල ජීවනබර ඉහළ යමින් තිබීම හා අධික පොලී අනුපාතවලින් මිදීමේ අරමුණින් බොහෝ පිරිසක් එලෙස නිවාස ණය කඩිනමින් ගෙවා නිම කිරීමට උත්සහ කරන බව ද විදෙස් වාර්තා සඳහන් කරනවා.

ඒ හමුවේ චීනයේ වාණිජ බැංකු දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පවතින ආර්ථික රටාව අනුව ගනුදෙනුකරුවන් සදහා ආකර්ෂණීය ණය අවස්ථා හදුන්වා දීම වාණිජ බැංකුවල අරමුණ වී තිබුණා.

එහෙත් නිවාස ණය හා උකස් ඉක්මනින් පියවීමට ගනුදෙනුකරුවන් පෙළඹීම නිසා වාණිජ බැංකු අර්බුදයකට ලක්ව සිටිනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ණය හා උකස් පියවීම සියයට 20 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

එහි ප්‍රථිපලයක් ලෙස කොටස් වෙළදපල ආයෝජනයන් ද පහළ වැටී ඇතැයි වාර්තා වෙයි.

චීන මහ බැංකුව පෙන්වා දෙන්නේ පෙර වසරට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ එරට කුටුම්භ ණය වර්ධනය සියයට 50 කින් පමණ පහළ ගොස් ඇති බවයි.

Share This