චීනයේ තරුණ විරැකියාව ඉහළට

චීනයේ තරුණ විරැකියාව ඉහළට

චීනයේ තරුණ විරැකියාව වාර්තාගත ලෙස ඉහළ මට්ටමකට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

නාගරික ප්‍රදේශවල වයස අවුරුදු 16 ත් 24 ත් අතර තරුණයින්ගේ රැකියා විරහිත අනුපාතය පසුගිය මාසයේ 21.3% දක්වා ඉහළ ගොස් ඇති බවයි නිල සංඛ්‍යාලේඛන පෙන්වා දී තිබෙන්නේ

නාගරික තරුණයන්ගේ විරැකියා අනුපාතය මාස කිහිපයක් තිස්සේ ඉහළ යමින් පවතිනවා

එමෙන්ම උපාධිධාරීන් ලබා ඇති පුහුණුව සහ එම පුහුණුවට අදාළව රැකියා අතර පවතින නොගැලපීම ඇතුළු කරුණු කිහිපයක් ඊට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මේ වසරේ විශ්ව විද්‍යාල උපාධිධාරීන් මිලියන 11.58ක් චීන රැකියා වෙළඳපොළට පිවිසෙනු ඇතැයි අපේක්ෂා කරන බවද තරුණ රැකියා පිළිබඳ ආර්ථික විද්‍යාඥයින් සඳහන් කරනවා

චීනයේ නාගරික ප්‍රදේශවල විභව ශ්‍රම බලකායෙන් රැකියා විරහිත තරුණයින් 1.4%ක් පමණක් වන බව චීනයේ Hang Seng බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Dan Wang විසින් ඇස්තමේන්තු කර තිබෙනවා

Share This