චීනයේ දේශසීමා විවෘත කිරීමෙන් පසු එරට ජනතාව විදේශ සංචාර කෙරෙහි උනන්දුවෙන්

චීනයේ දේශසීමා විවෘත කිරීමෙන් පසු එරට ජනතාව විදේශ සංචාර කෙරෙහි උනන්දුවෙන්

ලබන මාසයේ සිය දේශසීමා යළි විවෘත කරන බව බීජිං නිවේදනය කිරීමෙන් පසු චීන ජනතාව විදේශ සංචාර වෙන්කරවා ගැනීමට ඉක්මන් වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ජාත්‍යන්තරව සංචාරය කිරීමට කැමති චීන පුරවැසියන් සඳහා විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් ජනවාරි 8 සිට නැවත ආරම්භ කරන බවද එරට ආගමන පරිපාලන ආයතනයද සඳහන් කර තිබෙනවා

වසර තුනකට ආසන්න දැඩි නිරෝධායන නීති අවසන් කිරීම සිදුවුනත් චීන සංචාරකයින්ට සියලු රටවලට අසීමිත ප්‍රවේශයක් නොලැබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

එක්සත් ජනපදයේ නිලධාරීන් චීනයෙන් පැමිණෙන සංචාරකයින් සඳහා නව සීමා කිරීම් සලකා බලමින් සිටින්නේ කොවිඩ් වැඩිවීම පිළිබඳව සලකා බලමින්

ජපානය විසින් චීනයේ සිට පැමිණෙන සියලුම සංචාරකයින් පැමිණීමේදී කොවිඩ් පරීක්ෂණයෙන් සෘණාත්මක බව පෙන්වීම හෝ දින හතක් නිරෝධායනය කළ යුතු බව නිවේදනය කර තිබෙනවා.

ඉන්දියාවද මෙම ක්‍රමය අනුගමනය කරන අතර තවත් බොහෝ රටවල් චීන සංචාරකයින්ට නිරෝධායන නීති පනවා තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

රට පුරා කොවිඩ් සීමාවන් ලිහිල් කිරීමට එරෙහිව නොවැම්බර් මාසයේදී ජනාධිපති ෂී ජින්පිංට එරෙහිව මහජන විරෝධතා ඇතිවූණා

පසුව කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක්ද චීනයේ ඇති වූ අතර, රෝහල්වල ආසාදිතයින් අධික ලෙස වාර්තා වී ඇති අතර ඖෂධ හිඟයක්ද ඇතිවූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ

චීනයේ දේශසීමා නැවත විවෘත වන බව දැනුම්දීමෙන් පසු පැය භාගයක් ඇතුළත, සංචාරක වෙබ් අඩවියක් වනTrip.comහි දත්තවල ජනප්‍රිය ගමනාන්ත සඳහා සෙවීම් දස ගුණයකින් වැඩිවී තිබෙන බවත් මැකාවු, හොංකොං, ජපානය, තායිලන්තය සහ දකුණු කොරියාව වඩාත් ජනප්‍රිය ගමනාන්තයන් ලෙස දැක්වෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share This