චීනයේ නායයාමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට – 16ක් අතුරුදන්

චීනයේ නායයාමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට – 16ක් අතුරුදන්

චීනයේ Xi’an නගරයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 16 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

දින කිහිපයක සිට ඇඳහැලෙන අධික වර්ශාපතනයත් සමග එරට ප්‍රදේශ රැසක නායයාම් තත්ත්වයන් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එරට නිවාස සහ ගොඩනැගිලි රැසකටද හානි සිදුව තිබෙනවා.

එමෙන්ම මාර්ග සහ පාලම් රැසකටද හානි සිදුව ඇති අතර ප්‍රදේශ රැසක විදුලිබල සැපයුමට හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This