චීනයේ පතලක් කඩා වැටීමෙන් 4ක් මරුට -49ක් අතුරුදන්

චීනයේ පතලක් කඩා වැටීමෙන් 4ක් මරුට -49ක් අතුරුදන්

චීනයේ උතුරු අභ්‍යන්තර මොංගෝලියා ප්‍රදේශයේ ගල් අඟුරු පතලක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් 49 දෙනෙකු අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

චීන ජනාධිපති ෂී ජින්පින් විසින් සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම සඳහා නිලධාරීන්ට නියෝග කර ඇති අතර, මේ වන විට පතලේ සිටි දිවි ගලවා ගත් හය දෙනෙකු සොයාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

900 කට වැඩි ගලවා ගැනීමේ සේවකයින් එම ස්ථානයට යොදවා ඇති බවයි Xinhua පුවත් ඒජන්සිය වාර්තා කර තිබෙන්නේ

දිවි ගලවා ගත් අය සොයා ගැනීම සඳහා හැකි සෑම උත්සාහයක්ම ගන්නා ලෙස චීන ජනාධිපති අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

ගලවා ගැනීමේ මෙහෙයුමේ නායක වෙයි ෂිගුඕ පවසා තිබෙන්නේ ඊයේ (22) සවස යළිත් ඇතිවූ විශාල නායයෑමක් හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුමට බාධා ඇති වූ බවයි.

Share This