චීනයේ පළමු මගී ජෙට් යානය හෙට ගුවන් ගත කෙරේ

චීනයේ පළමු මගී ජෙට් යානය හෙට ගුවන් ගත කෙරේ

වසර ගණනාවක පර්යේෂණ, සංවර්ධන සහ පරීක්ෂණවලින් පසුව, චීනයේ ප්‍රථම මගී ජෙට් යානය හෙට(28) සිය මංගල ගුවන් ගමන සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

China Eastern Airlines සමාගම ජෙට් යානය දියත් කිරීමේ සේවාදායකයා බවයි සඳහන් වන්නේ.

MU 9191 ගුවන් යානය එරට වේලාවෙන් පෙ.ව. 10:45 ට ෂැංහයි හොංකියාඕ ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව ප.ව. 1:10 ට බීජිං කැපිටල් ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණෙන බවයි ගුවන් සේවය වාර්තා කරන්නේ.

China Eastern Airlines සමාගම පවසන්නේ මංගල ගුවන් යානයට ගොඩවීමට ඉල්ලුම් කර ඇති පිරිස ලොතරැයි ඇඳීමක් මගින් තෝරා ගෙන ඇති බවයි.

එන්ජින් දෙකක් සහිත මෙම ජෙට් යානය ව්‍යාපාරික සහ ආර්ථික ආසන 164 කින් සමන්විත වනවා.

Share This