චීනයේ බදු ආදායම අඩුවේ

චීනයේ බදු ආදායම අඩුවේ

චීනය විසින් ක්‍රියාත්මක කර ඇති ශූන්‍ය කොවිඩ් න්‍යාය හේතුවෙන් එරට පළාත් පාලන ආයතන අර්බුදකට මුහුන පා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ එම ආයතන වල බදු ආදායම කඩා වැටීමයි.

මෙම තත්ත්වය හමුවේ ඉදිරියේදී පළාත් පාලන ආයතන නඩත්තු කිරීම අර්බුදයකට පත් වනු ඇතැයි පලාත් පාලන බලධාරීන් පෙන්වා දී තිබෙනවා.

මේ වනවිටත් වැටුප් ගෙවීමේ ප්‍රමාදයක් දැකිය හැකි බවත් එමගින් පෙන්නුම් කෙරෙන්නේ පළාත් පාලන ආයතනවල මූල්‍ය තත්ත්වය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර කොවිඩ් ප්‍රතිපත්ති හමුවේ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් සේවකයින් රැකියාවලට වාර්තා කිරීමේ ගැටලුවකට ද පළාත් පාලන ආයතන මුහුන පා සිටින බව සඳහන්.

දැඩි කොරෝනා ප්‍රතිපත්ති හේතුවෙන් ඉඩම් අලෙවිය ද පහත වැටී ඇති අතර පළාත් පාලන ආයතනවල ආදායම් අඩු වීමට ඍජුව එයද බලපෑ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මීට අමතරව ව්‍යාපාර සඳහා සහන සැලසීම වෙනුවෙන් ඇතැම් බදු ආදායම් කපා දැමීම හේතුවෙන් පළාත් පාලන ආයතනවල වියදම් ඉහළ යාමට හා ආදායම් පහල යාමට හේතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

Share This