චීනයේ බැංකු අර්බුදය විසඳීමට විශේෂඥ සහාය

චීනයේ බැංකු අර්බුදය විසඳීමට විශේෂඥ සහාය

හෙනාන් පළාතේ මතුව ඇති බැංකු අර්බුදය විසඳීම සදහා චීන මධ්‍යම රජයේ මැදිහත්වීමෙන් විශේෂඥ උපදෙස් ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා,

ඒ අනුව අසාදු ණය විශේෂඥයෙකු සහ රජයට අයත් දේපළ වෙළෙදාම් සංවර්ධන සමාගමක් ගැටලුව විසඳීම සදහා යොමු කොට ඇති බව සඳහන්.

චීනයේ හෙනාන් පළාතේ ප්‍රාදේශිය බැංකු ආශ්‍රිතව සිදුව ඇති මෙම අර්බුදය හේතුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 06 ක් පමණ වන තැන්පතු අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් දහස් ගණන් පිරිස් විවිධ විරෝධතා පවත්වමින් සිටින අතර එම විරෝධතා දැඩි ලෙස මැඩපවත්වන බවටයි බලධාරීන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ.

Share This