චීනයේ මාලුන්ටත් කෝවිඩ් පරීක්ෂණ

චීනයේ මාලුන්ටත් කෝවිඩ් පරීක්ෂණ

ශුන්‍ය කොවිඩ් න්‍යාය පිළිබඳව දැඩි විශ්වාසයකින් පෙලෙන චීනය මුහුදු මත්ස්‍යයින් ද ජෛව සාම්පල් (PCR) පරික්ෂාවට ලක් කිරීමේ පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

චීනයේ මුහුදු බඩ නගරයක් වන ෂියාමන් හි වෙසෙන ධීවරයින්ගේ පමණක් නොව ඔවුන් විසින් මුහුදෙන් අල්ලාගෙන එනු ලබන මත්ස්‍යය අස්වැන්න ද (PCR) පරීක්ෂණයට ලක් කරන බවයි වාර්තා වන්නේ.

ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය හේතුවෙන් චීන බලධාරීන් විසින් මෙම පරීක්ෂණය අඛණ්ඩව සිදුකරන බව සඳහන්.

මසුන් ඇල්ලීම සඳහා මුහුදට යන ධීවරයින් එහිදී වෙනත් රටවල ධිවරයින් සමග ගණුදෙනු කිරිම හේතුවෙන් ඔවුන් සහ අල්ලාගෙන එනු ලබන මත්ස්‍යයින් නැවත ධීවර වරායට පැමිණි වහාම කොවිඩ් පරික්ෂණයන්ට ලක් කළ යුතු බවට ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් නීති පනවා තිබෙනවා.

කෙසේ වුවත් මසුන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට මෙතෙක් සිදුකළ පරීක්ෂණ වලින් අනාවරණය වී නැහැ.

චීනයේ මෙම තීරණය පිලිබඳව එරට ප්‍රසිද්ධ සමාජ ජාලා අඩවියක් වන The Guardian හි පරිශීලකයින් විසින් හාස්‍ය දනවන සටහන් ද තබා ඇති බව වාර්තා වනවා.

ඉන් එක් සටහනක සඳහන්ව ඇත්තේ චීන මුහුදු සීමාවට පිටතින් පැමිණෙන මසුන් සහ ජලජ ජීවින් දින 07ක කාලයක් නිරෝධානයට ලක් කිරීමට බලධාරීන් පියවර ගත යුතු බවයි.

Share This