චීනයේ යළිත් කොවිඩ් රෝගීන් වැඩි වෙයි

චීනයේ යළිත් කොවිඩ් රෝගීන් වැඩි වෙයි

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් චීනයේ රෝහල් මේ වන විට රෝගීන්ගෙන් පිරීගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

මේ හේතුවෙන් බීජිං ඇතුළු නගර කිහිපයක රෝහල්වල දැඩි සත්කාර ඒකක ද සීමා සහිත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

චීනයේ කොවිඩ් පාලන සඳහා ගෙන තිබු දැඩි පාලනයන්ට එරෙහි පැවති විරෝධතාවලින් පසුව එරට රජය විසින් සති දෙකකට පෙර එම ක්‍රියාමාර්ග බොහොමයක් ඉවත් කිරීමට කටයුතු කළා.

අදාළ පාලන ක්‍රමවේදයන් ඉවත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ.

මේ අනුව අවදානමට ලක්විය හැකි වැඩිහිටියන් අතර ඉහළ මරණ අනුපාතයක් ද මේ වන විට පෙන්නුම් කරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසුවා.

Share This