චීනයේ ලාබාලතම ගගනගාමීන් තිදෙනා අභ්‍යවකාශයට

චීනයේ ලාබාලතම ගගනගාමීන් තිදෙනා අභ්‍යවකාශයට

චීනයේ ලාබාලතම ගගනගාමී කාර්ය මණ්ඩලය අභ්‍යවකාශයට යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2003 දී චීනයේ ප්‍රථම ගගනගාමියා Yang Liwei අභ්‍යවකාශයට ගමන් කිරීමෙන් පසු චීනය නැගී එන අභ්‍යවකාශ බලවතෙකු පත්වීමට හේතු වූ ඉතිහාසගත අවස්ථාවක් වුණා.

ප්‍රථම වරට අභ්‍යවකාශයට ගොස් දශක දෙකක් ගත වනවිට චීනය අභ්‍යවකාශයේ ඔවුන්ගේ ගවේෂණයන් තීව්‍ර කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

චීනයට මේ වන විට සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක වන Tiangong නම්වූ අභ්‍යවකාශ ස්ථීර මධ්‍යස්ථානයක්ද තිබෙනවා.

එමෙන්ම පසුගියදා චීන ගගනගාමීන් තිදෙනෙක් Shenzhou-17 අභ්‍යවකාශ යානයෙන් Tiangong අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ඒ මාස හයක කාලයක් Gobi කාන්තාරයේ පිහිටි Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ රැඳී සිටීම සඳහායි.

මේ කාර්ය මණ්ඩලය චීනය අභ්‍යවකාශයට යවා ඇති ලාබාලතම කාර්ය මණ්ඩලය බවයි වාර්තා වන්නේ.

ඔවුන් තිදෙනාම වයස අවුරුදු තිස් ගණන්වල පසුවන අය වනවා.

අභ්‍යවකාශ සුන්බුන් නිසා හානි වූ සූර්ය පැනල අලුත්වැඩියා කිරීම ඔවුන් තිදෙනාගේ ප්‍රධාන වන බවයි දැක්වෙන්නේ.

Share This