
චීනයේ සහ අමෙරිකාවේ සාර්ථකත්වය එකිනෙකාට තර්ජනයක් නොව අවස්ථාවක් බව චීනය කියයි
චීන අමෙරිකානු සහයෝගීතාවය දෙරට ජනතාවගේ මූලික අවශ්‍යතාවලට අනුකූල වන අතර ජාත්‍යන්තර ප්‍රජාවේ අපේක්ෂාවන්ට ද අනුකූල වන බව චීන වාණිජ අමාත්‍ය Wang Wentao මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසිවාරයේ චීන ආර්ථිකය පිළිබඳ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
Fentanyl යන බලගතු වේදනා නාශකය පදනම් කොට ඇමරිකාව චීනයට අතිරේක තීරුබදු පැනවීම සත්‍ය අසත්‍ය ව්‍යාකූල කිරීමට හේතු වන බවයි Wang Wentao මහතා මෙහිදී අවධාරණය කළේ.
අමෙරිකාවේ වෙළඳ සහ ආයෝජන සීමා කිරීමේ පියවර ඒකපාර්ශ්වික සහ බාධා කිරීමක් බව ද ඔහු මෙහිදී කියා සිටියා.
එමෙන්ම චීනය සහ අමෙරිකාව සාර්ථකත්වය අත්කර ගැනීම එකිනෙකාට තර්ජනයක් නොව අවස්ථාවක් බව Wang Wentao මහතා පෙන්වා දී තිබෙනවා.