චීනයේ සිචුවාන් පළාතේ ඇති වූ භූමිකම්පාවෙන් මියගිය ගණන 65 දක්වා ඉහළට (VIDEO)

චීනයේ සිචුවාන් පළාතේ ඇති වූ භූමිකම්පාවෙන් මියගිය ගණන 65 දක්වා ඉහළට (VIDEO)

චීනයේ නිරිතදිග සිචුවාන් පළාතේ ඇති වූ රිච්ටර් මාපකයේ 6.6ක ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 65 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මේ වන විට තුවාල ලැබූවන් 248 දෙනෙක් වාර්තා වී ඇති බවත් අවම වශයෙන් පුද්ගලයන් 12 දෙනෙකු අතුරුදන්ව සිටින බවත් එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා

සිචුවාන් අගනුවර වන චෙන්ග්ඩු හි මිලියන 21 ක පමණ ජනතාවක් රැඳී සිටින අතර කොවිඩ් නීති හේතුවෙන් නිවසේ රැඳී සිටින ලෙස එරට රජය විසින් පසුගිය සතියේ ජනතාවට නියෝග කර තිබුණ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This