චීනයේත් ඖෂධ හිඟයක්?

චීනයේත් ඖෂධ හිඟයක්?

චීනය තුළ යළිත් උණ රෝගීන් ඉහළ යාම හමුවේ ප්‍රතිවෛරස ඖෂධවල හිඟයක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එය කොවිඩ් සමයේදී ඖෂධ අලෙවිසැල්වල රාක්ක හිස්වීම සිහිපත් කරවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇතැම් සන්නාමයන් සහිත ඖෂධ දින ගණනාවක සිට ඖෂධ අලෙවිසැල්වල නොමැති බව ද එම වාර්තාවල සඳහන්.

ඇණවුම් කරන ලද ඖෂධ තොග ලැබීමට ප්‍රමාද වීම ඊට හේතුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

එරට උණ රෝගීන්ගේ අනුපාතය පෙබරවාරි 19 න් අවසන් වු සතිය තුළ 14.3% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබෙනවා.

Share This