චෙම්මනි සමූහ මිනීවලේ 5 වැනි අදියරේ කැනීම් අද ඇරඹේ

චෙම්මනි සමූහ මිනීවලේ 5 වැනි අදියරේ කැනීම් අද ඇරඹේ

යාපනය ,චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනීවල කැනීම් කටයුතු 5 වැනි අදිය‍ර අද ආරම්භ කි‍රීමට නියමිතව තිබෙනවා.

කැනීම් නිලධාරීන් පවසන්නේ මෙම කැනීම් කටයුතු සැප්තැම්බර් මස 07 වැනිදා දක්වා සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.

සමූහ මිනීවල සම්බන්ධයෙන් සිදුකල ස්කෑන් පරීක්ෂණ වාර්තා සැලකිල්ලට ගිනිමින් 5 වැනි අදියර කැනීම් කටයුතු සිදු කිරීමට අපේක්ෂාකරන බව කැනීම් නිලධාරීන් පැවසුවා.

යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ.ආනන්දරාජා මහතාගේ අධීක්ෂණය යටතේ කලණිය විශ්වවිද්‍යාලයේ පුරාද්‍යාව පිළිබද මහාචාර්ය රාජ් සෝමදේව ,යාපනය විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා පිළිබද විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් ඇතුලු පිරිසක් මෙම කැනීම් කටයුතු සිදුකරනවා.

 

Share This