ඡන්දේ දෙන්න යන අයට නොමිලේ බියර් එකයි ටුක් එකයි

ඡන්දේ දෙන්න යන අයට නොමිලේ බියර් එකයි ටුක් එකයි

දකුණු ඉන්දියාවේ බෙංගාලෝර් නගරයේ බොහෝ සමාගම් මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන පුද්ගලයින්ට නොමිලේ ආහාර සහ කුලී රථ පහසුකම් ලබාදෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඡන්දදායකයින් ඡන්දය ප්‍රකාශ කිරීමට දිරිගැන්වීම අරමුණු කර ගනිමින් මෙම කටයුත්ත සිදු කරන බවයි වාර්තා වන්නේ.

කර්නාටක ප්‍රාන්තයේ බෙංගාලෝර් සෑම මැතිවරණයකදීම එහි අඩු ඡන්ද ප්‍රතිශතය හේතුවෙන් ඡන්ද ප්‍රකාශිත ලැයිස්තුවේ පහළින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේවාට නොමිලේ බියර්, වට්ටම් සහිත කැබ් රථ සහ නොමිලේ සෞඛ්‍ය පරීක්‍ෂණ පවා ඇතුළත් වනවා.

සමහර ආහාර අලෙවිසැල්වලදී පාරිභෝගිකයින්ට ඔවුන් ඡන්දය දුන් බවට සාක්ෂියක් ලෙස නොමැකෙන තීන්ත සහිත ඇඟිල්ල පෙන්වීමෙන් අනතුරුව නොමිලේ ආහාර ලබා ගැනීමේ හැකියාවද පවතිනවා.

ඉන්දියාවේ අදියර හතකින් යුත් මැතිවරණයේ දෙවන වටයේදී අද(26) බෙංගාලෝර් නගරය ඡන්දය ප්‍රකාශ කරන බව සඳහන්.

මැතිවරණ මාර්ගෝපදේශ උල්ලංඝනය නොකරමින් හෝටල් සංගමයකට නොමිලේ හෝ අඩු මිලට ආහාර ලබා දීමට කර්ණාටක ප්‍රාන්තයේ මහාධිකරණය අවසර ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This