ජන හා නිවාස සංගණනය 2024 වාර්තාව ජනපතිට

ජන හා නිවාස සංගණනය 2024 වාර්තාව ජනපතිට

ජන හා නිවාස සංගණනය 2024 වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දී තිබෙනවා.

අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එම වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදීම සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ ජනගහනය, ජනගහනයේ වර්ධනය සහ දිස්ත්‍රික්ක අනුව ජනගහනය ව්‍යාප්තව සිටින ආකාරය පිළිබඳව අදාළ වාර්තාවේ තොරතුරු දැක්වෙනවා.

2024 ඔක්තෝබර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා දිවයින පුරා එක්රැස් කරන ලද දත්ත පදනම් කර ගනිමින් මෙම සංගණන මූලික වාර්තාව සකස් කර ඇති බව සඳහන්.

සංගණනය මගින් රැස් කරන ලද තොරතුරු ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීමට, රජයට වෙන්ව අනෙකුත් ආයතන සඳහා ද ඉතා වැදගත් වන අතර සංගණන ඉතිහාසයේ ප්‍රථම වරට දත්ත රැස් කිරීම ටැබ්ලට් පරිගණක හා සුහුරු ජංගම දුරකථන භාවිත කරමින් සිදු කර තිබීම ද විශේෂත්වයක් වනවා.

Share This