“ජනතාව පැත්තේ සිට ගමි” – සමාව ඉල්ලා තිස්ස ජනනායක තැබූ සටහන
උපකාරක පන්ති ගුරුවරයෙකු වන තිස්ස ජනනායක මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ජනතාවගෙන් සමාව ඉල්ලා තිබෙනවා.
වත්මන් රජය බලයට ගෙන ඒම සඳහා සහාය දැක්වූ අයෙකු ලෙසයි ඔහුව සැළකෙන්නේ.
“මින් පසු කිසිම දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට පාක්ෂික නොවී නිර්පාක්ෂිකව නිර්දේශපාලනිකව ජනතාව පැත්තේ සිට ගමි. ” යනුවෙන් එම සටහනේ ඔහු සඳහන් කර තිබෙනවා.
එම සටහන පහතින් කියවිය හැකියි.