ජනතාව රෝගී වේ..සතුන් මරුට – විෂ රසායනික ද්‍රව්‍ය රැගත් දුම්රියක් නිසා නැගෙනහිර පලස්තීනයේ සිදුවූ දේ මෙන්න

ජනතාව රෝගී වේ..සතුන් මරුට – විෂ රසායනික ද්‍රව්‍ය රැගත් දුම්රියක් නිසා නැගෙනහිර පලස්තීනයේ සිදුවූ දේ මෙන්න

නැගෙනහිර පලස්තීනයේ කුඩා ඔහියෝ නගරයේ දී පසුගිය 3 වනදා විෂ රසායනික ද්‍රව්‍ය රැගත් දුම්රියක් පීළි පැනීමට ලක්වූ අතර මේවනවිටත් එම ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා

එම දුම්රියේ මැදිරි 10ක පමණ විෂ සහිත රසායනික ද්‍රව්‍ය රැගෙන ගොස් තිබුණා.

දුම්රියේ භාණ්ඩ ප්‍රවාහන මැදිරි 150ක් පමණ ඇදගෙන ගිය අතර ඉන් 50ක්ම අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ .

පීළි පැනීමේ ස්ථානයට යාබදව ජීවත් වන ජේම්ස් ෆිග්ලි නැමැත්තා පවසා තිබෙන්නේ “මුළු නගරයම මෙයින් කලබල වී ඇති බවයි ,එමෙන්ම දුම්රිය පීළී පැනීමෙන් පසු පිපිරුම් මාලාවක් ඇතිවූ බවත් ,දිගටම දුමාරය පැවතුන බවත් ,ඇස් දැවිල්ල ගත් බවත්ය

මෙම අනතුරත් සමගම ගින්නක් හටගෙන ඇති අතර, ඒ අවට ජීවත්වූ වැසියන් බියට පත්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රසායනික ද්‍රව්‍ය පුපුරා යාමට පෙර නිලධාරීන් විසින් එම රසායනික ද්‍රව්‍ය ඉවත් කර තිබෙනවා

නමුත් ඊළඟ දින කිහිපය තුළ, ගංගාවල සිටි මිය ගිය මසුන් දැකගන්නට හැකිව තිබෙන අතර ,දුම්රියේ තිබූ රසායන ද්‍රව්‍ය හේතුවෙන් මසුන් මියගොස් ඇති බවට නිලධාරීන් පසුව තහවුරු කළ බවයි පැවසෙන්නේ.

එමෙන්ම එම ප්‍රදේශයේ කුකුළන් වැනි සතුන් හදිසියේම මිය ගිය බවත්, සුරතල් සතුන් රෝගී වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා

දුම්රිය පීළි පැනීමට ලක්වූ ස්ථානය ආසන්නයේ ජීවත්වූ අවට සිටි නිවැසියන්ට හිසරදය, ඇස් රෝග සහ උගුරේ අමාරුව වැනි රෝග ලක්ෂණ පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා .

එරට ආණ්ඩුකාර මයික් ඩිවයින් පවසා තිබෙන්නේ නගරයේ වාතයේ ගුණාත්මකභාවය ආරක්ෂිත වන අතර, විෂ කාන්දු වූ ස්ථානය අසල පදිංචිකරුවන් පූර්වාරක්ෂාව ලෙස බෝතල් කළ ජලය පානය කළ යුතු බවයි.

එමෙන්ම ප්‍රාන්ත සහ ෆෙඩරල් නිලධාරීන් නිවැසියන්ට එම ස්ථානයෙන් දූෂිත පස් ඉවත් කරන බවට සහතික වී තිබෙනවා.

Share This