
ජනතාව ලංගමට ලව් යූ කිව්වට, ලංගම පැත්තෙන් වෙන වැඩේ බිමල් කියයි – ඔක්තෝම්බර් 08 මෙට්‍රො බස් ක්‍රමය එනවා
“පුනරුදයට මග” තේමාව යටතේ බස් ඩිපෝ 25 ක් නවීකරණය කිරීම ආරම්භ කිරීම ප්‍රවාහන මහා මාර්ග හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් තලංගම ඩිපෝ පරිශ්‍රයේදී අද ආරම්භ වුණා.
එහිදී අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා ලබන ජනවාරි පළමුවෙන දින සිට දුර ධාවනයේ නිරත සාමාන්‍ය බස් රථවල මගීන් ආරක්ෂක බඳපටි පැළඳවීම අනිවාර්ය කරන බවයි.
ලබන ඔක්තෝම්බර් මස අට වන දා සිට කොළඹ නගරය තුළ මෙට්‍රො බස් සේවාවක් ආරම්භ කරන බවත් බිමල් රත්නායක මහතා පැවසුවා.
ලබන අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම ජනවාරි සිට ක්‍රියාත්මක වන බව ද ප්‍රවාහන මහා මාර්ග හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා සදහන් කළා.
ජනතාව ලංගමට ලව් යූ කිව්වට, ලංගම පැත්තෙන් ඒක වෙන්නෙ නෑ. යැයි ඔහු වැඩිදුරටත් පැවසුවා.
අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තරංගම බස් ඩිපෝ පරිශ්‍රය නවීකරණය කිරීමේ කටයුතුද ආරම්භ වුණා.