
ජනතාවගේ මූලික සහ කඩිනම් අවශ්‍යතා වෙනුවෙන් ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන
2026 අයවැය සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් අතර සාකච්ඡාවක් අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා
ඒ අනුව ඉදිරි අයවැය සැකසීමේදී දිස්ත්‍රික් මට්ටමින් ජනතාවගේ මූලික සහ කඩිනම් අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛත්වය ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා
ඉදිරි අයවැය සැකසීමේදී දිස්ත්‍රික් මට්ටමින් ජනතාවගේ මූලික සහ කඩිනම් අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛත්වය ලබා දීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා
දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර යටිතල පහසුකම් සංවර්ධනය සහ ජනතාවගේ වෙනත් කඩිනම් සංවර්ධන අවශ්‍යතා හඳුනා ගනිමින් එම ව්‍යාපෘති ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරුණා