ජනපති ඇමරිකානු සංචාරය නිම කරමින් ජපාන නිල සංචාරය අරඹයි

ජනපති ඇමරිකානු සංචාරය නිම කරමින් ජපාන නිල සංචාරය අරඹයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසි වාරයට සහභාගි වීම සඳහා සිදු කළ ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය සාර්ථකව නිම කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (25) රාත්‍රියේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ජපානය බලා පිටත්ව ගියා.

ජපන් රජයේ ආරාධනයකට අනුව, ජනාධිපතිවරයා සැප්තැම්බර් 27 වන දින සිට 30 වැනි දා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද එක්ව සිටින බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කළා.

 

Share This