
ජනපති ප්‍රධානත්වයෙන් හදිසි රැස්වීමක්
අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය සහ සහන සේවා පිළිබඳව විමසා බැලීම සඳහා ජනපති ප්‍රධානත්වයෙන් හදිසි රැස්වීමක් පැවැත්විණි.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අද(නොවැ.27) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මෙම හදිසි රැස්වීම පැවැති බවයි.
මේ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය, පොලීසිය සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ද එක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
ඉදිරි දින දෙක තුළ වර්ධනය වීමට නියමිත අධික වර්ෂාපතනය සමග දැඩි අවදානම් කාලගුණික තත්ත්වයක් මතු වී ඇති බැවින් ජීවිත හානි වළක්වා ගැනීම සහ ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහජන නියෝජිතයන්ට මෙහිදී උපදෙස් දී තිබෙනවා.
අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය සහ සහන සේවා පිළිබඳව විමසා බැලීම ජනපති ප්‍රධානත්වයෙන් පැවති මෙම හදිසි රැස්වීමෙහි ප්‍රධාන අරමුණවී තිබෙනවා.
