ජනපති සහ ශ්රීලනිපය අතර සාකච්ඡාවක් (වීඩියෝ)
ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (08) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත් වුණා.
ඊට ශ්රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්රීපාල සිරිසේන මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායම එක් වී සිටියා.
පැය දෙකකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡාවේ දී, පසුගිය දා ජනාධිපතිවරයා වෙත නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කළ රට තුළ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ඇතුළත් යෝජනා මාලාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව තිබෙනවා.
මෙම සාකච්ඡාවට සහභාගී වීමට ප්රථම ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රී කණ්ඩායම හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාක් පැවැත්වුණේ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ දීයි.