
ජනපති හමුවෙන්න ආ මාලදිවයින් මහ කොමසාරිස්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood Imad) මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති එම හමුවේදී පසුගිය මැතිවරණවලදී වත්මන් රජය ලබාගත් ජයග්‍රහණ වෙනුවෙන් මාලදිවයින් ජනරජයේ සුබ පැතුම් එක්කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර වසර 60ක දීර්ඝ කාලීන මිත්‍රත්වය ශක්තිමත්ව ඉදිරියටත් පවත්වාගෙන යාම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට මාලදිවයින දක්වන සුවිශේෂී දායකත්වය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ප්‍රශංසාව පළ තිබෙනවා.