
ජනපති හා ජපානයේ නිපොන් පදනමේ සභාපති අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපානයේ නිපොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යභාරය වන බවත් එම වැඩපිළිවෙළට සමගාමීව අධ්‍යාපනය නඟාසිටුවීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා මෙම හමුවේදී සඳහන් කර ඇත්තේ
මෙරට ජනතාවගේ සෞඛ්‍ය, අධ්‍යාපනය නඟා සිටුවීමට මෙන්ම ආබාධිත ප්‍රජාවගේ සුබසාධන කටයුතු වෙනුවෙන් මැදිහත් වන බව මෙහිදී නිපොන් පදනමේ සභාපතිවරයා පැවසුවා
විශේෂයෙන් යාපනය ප්‍රදේශයේ පාසල් සිසුන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා සහාය ලබා දීමට තම සංවිධානය අපේක්ෂා කරන බව ද ඒ මහතා සඳහන් කළේ.
එමෙන්ම මෙරට ග්‍රාමීය ජනතාවගේ දුප්පත්භාවය තුරන් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ නව රජය ගෙන යන වැඩපිළිවෙළ වෙනුවෙන් විශේෂ ව්‍යාපෘති ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු මෙහිදී කියා සිටිය
මීට අමතරව දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කිරීම පිළිබඳවද මෙහිදී අවධානයට ලක් යොමු කෙරුණා