ජනපතිගේ ධුර කාලයට අදාළ පෙත්සම සලකා බැලීම අද

ජනපතිගේ ධුර කාලයට අදාළ පෙත්සම සලකා බැලීම අද

ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම සලකා බැලීම අද (08) සිදුකිරීමට නියමිතව තිබෙනවා.

පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අදාළ පෙත්සම සලකා බැලීම සිදුකරනු ඇති.

පෙත්සම සලකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයිරාජා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පසුගියදා නම් කෙරුණා.

ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන දින වකවානු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තෙක් දැනට සැලසුම් කර ඇති පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව සඳහන්.

ව්‍යවසායකයෙකු වූ සී.ඩී. ලෙනව මහතා විසින් පසුගිය බදාදා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

Share This