ජනපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 50%ක් බෙදා අවසන්

ජනපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 50%ක් බෙදා අවසන්

ජනාධිපතිවරණය සඳහා වන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 50%ක් පමණ මේ වන විට බෙදා අවසන් කර ඇති බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසනවා.

විශේෂ දිනයක් ලෙස සලකා ඊයේ (08) දිනයේ ද නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සිදු කළ බවයි ඔහු සඳහන් කළේ.

ලබන 14 වනදා තෙක් නිල ඡන්ද පත්‍රිකා දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සිදු කරන බව සඳහන්.

කෙසේවෙතත් නිල ඡන්ද පත්‍රිකා ලබා ගැනීමට නොහැකි වන පුද්ගලයින්ට ලබන 18, 19 සහ 20 යන දිනවලදී තමන් පදිංචි ප්‍රදේශයේ තැපැල් කාර්යාලය වෙත ගොස් ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කර සිය අනන්‍යතාවය තහවුරු කරගැනීමෙන් අනතුරුව ඒවා ලබාගත හැකි වනවා.

 

Share This