ජනප්‍රිය ඉන්දීය විකට නළු ශ්‍රීවාස්තවා සිය දිවි සැරිය නිම කරයි

ජනප්‍රිය ඉන්දීය විකට නළු ශ්‍රීවාස්තවා සිය දිවි සැරිය නිම කරයි

ජනප්‍රිය ඉන්දීය විකට නළු රාජු ශ්‍රීවාස්තවා මිය ගිය බව ඔහුගේ පවුලේ අය විසින් තහවුරු කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ඔහු ජීවිතයෙන් සමුගන්නාවිට 58 වියේ පසුවුණා

අගෝස්තු මාසයේ සෑදුණු හෘදයාබාධයක් නිසා ශ්‍රීවාස්තාවා දිල්ලි අගනුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අතර පසුගිය සතියේ ඔහුගේ පවුලේ අය පවසා තිබුණේ ඔහු සෙමෙන් සුවය ලබන බවයි

ශ්‍රීවාස්තවා 1980 ගණන්වල හින්දි චිත්‍රපටවලට විකට නළුවෙකු ලෙස ක්‍ෂේත්‍රයට සම්බන්ධ වී තිබෙනවා

ඔහු 2005 වසරේදී ප්‍රසිද්ධියට පත් වූයේ ප්‍රහසනය සඳහා වූ රියැලිටි වැඩසටහනක් වන ‘The Great Indian Laughter Challenge’ සඳහා සහභාගී වීමෙන් පසුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

 

Share This