
ජනප්‍රිය ගායක චාමර රණ්වක කටුනායක දී ගුවන් යානයෙන් බැස්සවීම ගැන වීඩියෝවක් (VIDEO)_
විදේශ ගතවීමට කටුනායක ගුවන් තොටුපලෙන් ගුවන් යානයට ගිය තමන්ව ඉන් බස්සවා පිටත් කර හැරීම පිළිබඳව ජනප්‍රිය ගායක චාමර රණවක සමාජ මාධ්‍ය ඔස්සේ කරුණු පැහැදිලි කර තිබෙනවා.
ඔහු පවසන්නේ වෙරිමතින් බව කියා ප්‍රධාන ගුවන් නියමුවා තමන්ව යානයෙන් ඉවත් කළත් තමන් එලෙස වෙරිමතින් නොසිටි බවයි.
ඩුබායිහි පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගීවීම සඳහා ඩුබායි බලා යාමට පැමිණි මෙරට සංගීත ශිල්පීන් පිරිසක් අතරින් අයෙකු ගුවන් නියමුවා විසින් යානයෙන් බස්සවා පිටත් කර හැරි බවට වාර්තා පළ වූයේ පෙරේදා දිනයේයි.
මේ සිද්ධිය මුහුණ පා තිබුණේ ජනප්‍රිය ගායක චාමර රණවකයි.
අද ඔහු තමන් මුහුණ දුන් සිද්ධිය පිළිබඳව පැහැදිලි කරන වීඩියෝවක් සමාජ මාධ්‍යට මුදා හැර තිබුණා.
කෙසේ වෙතත් කටුනායක ගුවන් තොටුපළ පොලිසිය සඳහන් කරන්නේ චාමර රණවක මහතාව අත්අඩංගුවට ගැනීමක් සිදු නොකළ බවයි.
ඒ පිළිබඳව පැමිණිල්ලක් හෝ පොලිසියට නොලැබුණු බවත් පොලිසියේ ඉහළ නිලධාරීන් සඳහන් කළා.