ජනප්‍රිය බොලිවුඩ් නළු සතිෂ් කෞෂික් සිය දිවි සැරිය නිම කරයි

ජනප්‍රිය බොලිවුඩ් නළු සතිෂ් කෞෂික් සිය දිවි සැරිය නිම කරයි

බොලිවුඩ් නළුවෙක් සහ අධ්‍යක්ෂකවරයෙක් වන සතිෂ් කෞෂික් මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

හෘදයාබාධයකට ලක්වීමෙන් දිල්ලි අගනුවරදී ඔහු මිය ගිය බවයි ඔහුගේ බෑණනුවන් වන නිෂාන් කෞෂික් පවසා තිබෙන්නේ

සතිෂ් කෞෂික් මරණයට පත්වනවිට වයස අවුරුදු 66 පසුවුණා

ඔහු රෝහලට ගෙන යන විටත් මිය ගොස් සිටි බවයි වෛද්‍යවරුන් සඳහන් කරන්නේ

නළුවෙකු, නිෂ්පාදකයෙකු, විකට නළුවෙකු සහ තිර රචකයෙකු වන කෞෂික් හින්දි චිත්‍රපට කර්මාන්තය වෙනුවෙන් සිය දායකත්වය ලබා දී තිබෙනවා

1956 අප්‍රේල් 13 වන දින උපත ලද ඔහු දිල්ලි විශ්ව විද්‍යාලයේ කිරෝරි මාල් විද්‍යාලයෙන් උපාධිය ලබා ජාතික නාට්‍ය පාසලේද සිය ඉගෙනුම් කටයුතු කරනු ලැබුවා

ඔහු Ram Lakhan, Jaane Bhi Do Yaaro සහ Mr India. ඇතුළු ජනප්‍රිය හින්දි චිත්‍රපට කිහිපයකටම රඟපෑමෙන් සිය දායකත්වය ලබා දී තිබෙනවා

එමෙන්ම Roop Ki Rani Choron Ka Raja, Prem, Hum Aapke Dil Mein Rehte Hain සහ Tere Naam වැනි චිත්‍රපට ද අධ්‍යක්ෂණය කරනු ලැබුවා

Share This