ජනමාධ්‍ය ඇමති අන්කෝර් ප්‍රකශනයට අත්සන් කරයි

ජනමාධ්‍ය ඇමති අන්කෝර් ප්‍රකශනයට අත්සන් කරයි

කාම්බෝජයේ, සියම් රීප් හි පැවති 20 වන ආසියානු මාධ්‍ය සමුළුවේ සමාප්ති උත්සවයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අන්කෝර් මුලපිරීම 2.0 (Angkor Initiative 2.0) ප්‍රකාශනයට අත්සන් තබා තිබෙනවා.

මෙම ප්‍රකාශනයේ අරමුණ වන්නේ ආසියා ශාන්තිකර කලාපයේ සිටින අමාත්‍යවරුන් සහ මාධ්‍ය ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් සාවද්‍ය තොරතුරු වලට එරෙහිව කලාපීය උත්සාහයන් ශක්තිමත් කිරීමට සහ තොරතුරු අඛණ්ඩතාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීමයි.

විකාශන සංවර්ධනය සඳහා වන ආසියා ශාන්තිකර විකාශන ආයතනය (AIBD) විසින් සංවිධානය කරන ලද සහ කාම්බෝජයේ තොරතුරු අමාත්‍යාංශය විසින් පවත්වන ලද ආසියානු මාධ්‍ය සමුළුවට කලාපයේ රටවල මාධ්‍ය විෂය භාර අමාත්‍යවරුන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ වෘත්තිකයන් ඇතුළු විදේශීය නියෝජිතයින් 200 කට අධික සංඛ්‍යාවක් ඊට එකව සිටියා.

කාම්බෝජයේ තොරතුරු අමාත්‍ය නෙත් ෆීක්ත්‍රා (H.E. Neth Peaktra) සහ ආසියා ශාන්තිකර විකාශන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ෆිලෝමේනා ඥානප්‍රගාසම් මහත්මියගේ දේශන සමඟින් මෙම සමුළුව කාම්බෝජයේ දී ආරම්භ වුණා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ(23) කාම්බෝජයේ සියම් රීප් වෙත පැමිණි අතර එහි දී ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද සහභාගි වී තිබුණා.

Share This