
ජනමාධ්‍ය ලොව දැවැන්තයින් දෙදෙනෙක් මාධ්‍යයේ හෙට වෙනුවෙන් අද දිවයිනට (VIDEO)
ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින් ගේ සංගමය විසින් සංවිධානය කරන “ඩිජිටල්කරණය හමුවේ විශ්වාසනීය ජනමාධ්‍ය භාවිතයේ ඉදිරි දැක්ම / Media Forword – Legacy of trust in digital era සම්මන්ත්‍රණයට සහභාගී වන බ්‍රිතාන්‍යජාතික ප්‍රමුඛ පෙළ මාධ්‍ය පර්යේෂකයින් දෙපලක් අද (26) දිවයිනට පැමිණියා.
එක්සත් රාජධානියේ ප්‍රමුඛ පෙළ මාධ්‍ය පර්යේෂණ ආයතනයක් වන Think box නියෝජනය කරමින් Zoe Harkness සහ Harry Ward Masters යන මාධ්‍ය පර්යේෂකයන් දෙපල හෙට (27) තාජ්සමුද්‍ර හෝටලයේ පැවැත්වෙන “ඩිජිටල් කරණය හමුවේ විශ්වාසනීය ජනමාධ්‍ය භාවිතයේ ඉදිරි දැක්ම” සම්මන්ත්‍රණයට සම්පත් දායකයින් ලෙස සම්බන්ධවීමට නියමිතව තිබෙනවා.
වර්තමාන සමාජ, ආර්ථික පසුබිම සහ නූතන ඩිජිටල් කරන වටපිටාව සමග නිරන්තරයෙන් වෙනස් වෙන මාධ්‍ය ක්ෂේත්‍රය සහ මහජනතාවගේ මාධ්‍ය භාවිතයේ ඇති ප්‍රවණතා සහ ඒ සමග විවිධ මාධ්‍ය කෙරෙහි ඇති ජනතා විශ්වාසය සහ කාලීන මාතෘකා හෙට දින සම්මන්ත්‍රණයේදී සාකච්ඡා වීමට නියමිතයි.
පසුගිය දශක කිහිපය තුල ජනතාව තොරතුරු සහ විනෝදාස්වාදය ලබාගන්නා ආකාරය, තම මතය ප්‍රකාශ කිරීම සඳහා මාධ්‍ය භාවිතා කරන ආකාරය ඩිජිටල් කරණයත් සමග ශීඝ්‍ර ලෙස වෙනසකට භාජනය වී තිබෙනවා.
එවන් වටපිටාවකදී ජනතාවට විශ්වාසනීය තොරතුරු දැන ගැනීම සහ මාධ්‍ය හැසිරීම පිළිබඳව අවබෝධයක් ලබාගැනීම සම්බන්ධ කතිකාවන් ඇති කර ගැනීම කාලීන වශයෙන් ඉතා වැදගත්කමක් දරනු ඇති.
මේ වෙනුවෙන් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමග එකමුතුව මෙම සම්මන්ත්‍රණය සංවිධානය කරනවා.
