
ජනවාර්ගික ගැටලුව ගැන ජනපතිගේ ස්ථාවරය
ජනවාර්ගික ගැටලුවට ස්ථිර විසඳුමක් අවශ්‍ය බව තමන්ද පිළිගන්නා නමුත් මේ අවස්ථාවේ කළ යුතුව ඇත්තේ ජාති, ආගම් බේදයෙන් තොරව රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනා එක්වීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා
අද (03) යාපනය උදයන් පුවත්පතේ කාර්යාලයේදී එහි කාර්ය මණ්ඩලය සමඟ හමුවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා
එමෙන්ම රටේ ප්‍රධාන ප්රශ්නය බවට පත්ව තිබුනේ රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීම බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා
පසුගිය දින දෙක පුරා තමා යාපනයේ සිදු කළ සංචාරයේ දී මුණ ගැසුණු තරුණ තරුණියන්ගේ මූලික ඉල්ලීම් වුයේ රැකියා ලබා ගැනීම සහ අනාගත ස්ථාවරභාවය බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා උතුර සහ දකුණ කියා තරුණ තරුණියන්ගේ අපේක්ෂාවන්හි වෙනසක් නොවන බවද කියා සිටියා
පළාත් සභා ශක්තිමත් කරමින් ඒ ඒ පළාත්වල සංවර්ධනය වෙනුවෙන් පුළුල් අවකාශයක් ගොඩනගාදීම තම අරමුණ බව ද සඳහන් කළ ජනාධිපතිවරයා එම සෑම පළාතක් වෙනුවෙන් මධ්‍යම රජයේ සහාය ලබා දීමට කටයුතු කරන බවද එහිදී වැඩිදුරටත් සඳහන් කළා