
ජනාධිපති අනුර කුමාර ගෙන් නේපාල නව අගමැතිනියට සුබ පැතුම්
නේපාල අන්තර්කාලීන රජයේ අග්රාමාත්ය ධුරයට පත් වූ සුශිලා කාර්කි මහත්මියට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පිරිනමා තිබෙනවා.
ජනාධිපතිවරයා X පනිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ඇයගේ නායකත්වය නේපාලය කල් පවතින සාමය සහ ප්රජාතන්ත්රවාදය වෙත සුමට නැවත පැමිණීමක් කරා මෙහෙයවනු ඇතැයි විශ්වාස කරන බවටයි.