ජනාධිපති අපේක්ෂකයෙකුට වෙඩි තියලා

ජනාධිපති අපේක්ෂකයෙකුට වෙඩි තියලා

කොලොම්බියානු ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේ ට දේශපාලන රැළියක් අතරතුර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා .

ඔහු කොලොම්බියානු සෙනෙට් සභිකයෙකුද වෙනවා.

එරට ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේ ට දේශපාලන රැළියක් අතරතුරයි මේ වෙඩි තැබීම සිදුව තිබෙන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ උරිබේ ට තුන් වතාවක් වෙඩි තබා ඇති අතර හිසට දෙවරක් වෙඩි තබා ඇති බවයි.

ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇති උරිබේ මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වෙඩි තැබීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු සිද්ධිය වූ ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

උරිබේ කොලොම්බියාවේ ප්‍රමුඛ පවුලකින් පැවත එන අයෙකු වන අතර ඔහුගේ පියා ව්‍යාපාරිකයෙකු සහ වෘත්තීය සමිති නායකයෙකුද වනවා.

මාධ්‍යවේදිනියක් වූ ඔහුගේ මව ඩයනා ටර්බේ 1990 වසරේදී අභාවප්‍රාප්ත කාටෙල් නායක පැබ්ලෝ එස්කොබාර්ගේ අණ යටතේ මත්ද්‍රවය ජාවාරම්කරුවෙකු විසින් පැහර ගන්නා ලද අතර ගලවා ගැනීමේ මෙහෙයුමකදී ඇය ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

කොලොම්බියාව දශක ගණනාවක් පුරාවට වාමාංශික කැරලිකරුවන්, දක්ෂිණාංශික පැරාමිලිටරි කණ්ඩායම්වලින් පැවත එන අපරාධ කණ්ඩායම් සහ රජය අතර ගැටුම් වලට මැදිව සිටින රටක් ලෙසයි සැලකෙන්නේ.

Share This