ජනාධිපති කාර්යාලය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක්ව රජයේ නිලධාරීන්ට වැඩමුළුවක්

ජනාධිපති කාර්යාලය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක්ව රජයේ නිලධාරීන්ට වැඩමුළුවක්

මෙරට දේශපාලන ක්‍රමය මෙන්ම සහ රාජ්‍ය සේවයද වෙනස් විය යුතු බව ජනතාව තීරණය කළ බවත් ඒ අනුව දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා විකල්ප බලවේගයක් පත් කර ගැනීමට ඔවුන් කටයුතු කළ බවත් ජනාධිපති ලේකම් ආචාර්ය ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසනවා

ඒ සුපිළිපන්න දේශයක් ගොඩනැඟීම උදෙසා ජනාධිපති කාර්යාලය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක්ව සංවිධානය කළ අභ්‍යන්තර කටයුතු ඒකක (IAU) සහ දූෂණ විරෝධී මුලපිරීම් (AIA) තක්සේරුව පිළිබඳ වැඩමුළුව කොළඹ මැන්ඩරිනා හෝටලයේදී අද (27) එක්වෙමින්

‘දූෂණයට එරෙහිව පුරවැසියන් සවිබල ගැන්වීම’ යන මැයෙන් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණා

ජනතා අභිලාෂ ඉටු කිරීම ජනතා රජයේ වගකීම බැවින් ඒ සඳහා වන ප්‍රායෝගික ක්‍රියාවලියකට ප්‍රවිෂ්ට වීමේ අවශ්‍යතාව මෙම වැඩමුළුවෙන් අවධාරණය කෙරෙන බවයි ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව සුපිළිපන්න රාජ්‍ය සේවයක් වෙනුවෙන් පෙළගැසෙන ලෙස ජනාධිපති ලේකම්වරයා සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා

මෙම වැඩමුළුව සඳහා මහජනතාව සමඟ සෘජුවම කටයුතු කරන ආයතන වීමේ පදනමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25, පළාත් ලේකම් කාර්යාල 09, අමාත්‍යාංශ 24 ක් හා දෙපාර්තමේන්තු 43ක් නියෝජනය කරමින් නිලධාරීහු සහභාගිවුණා

Share This