ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට ගමන් කරමින් සිටියි -විදෙස් මාධ්‍ය

ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට ගමන් කරමින් සිටියි -විදෙස් මාධ්‍ය

ජෝර්දානය, ඊජිප්තුව සහ පලස්තීනයේ නායකයින් අද (18) එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සමග පැවැත්වීමට නියමිතව තිබූ සමුළුව අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ජනාධිපති ජෝ බයිඩන් මේ වන විට ඊශ්‍රායලයට ගමන් කරමින් සිටින අතර එහිදී ඔහු ඊශ්‍රායල නායකයින් හමුවනු ඇති බවයි වාර්තා වන්නේ

මේ අතර දකුණු ලෙබනනය පාලනය කරන සටන්කාමී කණ්ඩායමක් වන හමාස් සහ හිස්බුල්ලා යන කණ්ඩායම් කියා සිටින්නේ රෝහල් පිපිරීමේ වගකීම එක්සත් ජනපදය හා ඊශ්‍රායලය භාරගත යුතු බවයි

ජාත්‍යන්තර නායකයින් රෝහලේදී සිදුවූ ජීවිත හානි හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කර තිබෙන බවද සඳහන්

Share This