
ජනාධිපති පැමිණි සැමරුම් උත්සයක් පදනම් කරගෙන අම්බලන්තොට ප්‍රාදේශීය සභාව උණුසුම් තත්ත්වයක්
ජනපතිගේ අනුරකුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පසුගිය 05 දා අම්බලන්තොට දී සැමරුණු ජාතික මීලාද් – උල් – නබි සැමරුම් උත්සව අවස්ථාවේ ඇතිවූ යම් අඩුපාඩුකම් කීපයක් සම්බන්ධයෙන් අද(23) පැවති අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාවාරයේදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් කරුණු දැක්වීමට යාමේදී දැඩි උනුසුම්කාරී වාතාවරණයක් ඇති වුණා.
මෙම මන්ත්‍රීවරයාට අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ උප සභාපති විසින් රීති ප්‍රශ්නයක් මතුකරමින් එම කතාවට බදා කිරීමත් සමඟ සභාවේ ඇති වූයේ දැඩි උනුසුම් තත්ත්වයක්.
සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියා සිටියේ අම්බලන්තොට ප්‍රාදේශීය සභාව මගින් අදාල උත්සවය වෙනුවෙන් තොරණ ඉදිකිරිම සඳහා රුපියල් 46,737ක මුදලක් යොදවා තිබෙන බැවින් ඒ සමබන්ධයෙන් සභාව තුල දී කතාකිරීමට තමන්ට අයිතියක් ඇතිබවයි.
එය පදනම් කරගෙන අදාල මුදල ගෙවීම සම්බන්ධයෙන් සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතාවය දැක්වූ අතර පසුව බෙදීමකට ගොස් ඡන්ද විමසුමක් සිදුකළා.
එහිදී අදාල මුදල ගෙවීමට පක්ෂව ඡන්ද 16ක් හා විපක්ෂව ඡන්ද 13ක් හිමි වුණා.