
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මන්නාරම් දෙමළ ජනතාව විරෝධතාවක
මන්නාරමේ ක්‍රියාත්මක වන සුළං විදුලි බලාගාරය සහ මන්නාරම දූපතේ සිදුවන ඛනිජ වැලි ව්‍යාපෘතිය නිසා මන්නාරම් දූපත අහිමිවීමේ තත්ත්වයක් උද්ගතවීමත් මන්නාරම් ජනතාවට තම දේපළ අහිමිවීම නිසා මන්නාරම් ජනතාව අද(19) ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පා ගමනින් පැමිණ විරෝධතාවක නියැලුනා.
මෙම විරෝධතාව වෙනසක තාරුණ්‍යය සංවිධානය විසින් සංවිධානය කර ඇති අතර මන්නාරමේ දෙමළ ජනතාව තුන්සියයක් පමණ පිරිසක් සහභාගී වී සිටියා.
විරෝධතාව අතරතුරදී විරෝධතාකරුවන්ගෙන් දස දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡාවක් සඳහා අවස්ථාව හිමි වූණා.