ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද

ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද

නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද (11) පැවැත්වෙනවා.

ඒ අනුව අද විවාදයට ගැනීමට නියමිතව තිබූ සත්ව සුබසාධන පනත් කෙටුම්පත ඉදිරි දිනකදී විවාදයට ගැනීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත්තේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ සෙසු අදාළ නීති මගින් දක්වා ඇති විධානවලට අනුකූලව 2024 සැප්තැම්බර් 17 සිට ඔක්තොම්බර් 16 දක්වා වූ කාල පරිච්ඡේදය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ විපක්ෂයේ ප්‍රධාන‍ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු විසින් ඒකාබද්ධව ගෙනඑනු ලබන යෝජනාවට අනුවයි මෙම සභාව කල්තැබීමේ විවාදය පැවැත්වෙන්නේ

Share This