“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි

“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි

“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පතට අද පස්වරුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය අත්සන යොදා සහතික කළා.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත අනුව ගමම පනත් කෙටුම්පත 2025 අංක 18 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත ලෙස බලාත්මක වනු ඇති.

පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 150 කින් සම්මත වුණා. ඊට විරුද්ධව ප්‍රකාශ වුණේ වැඩි ඡන්ද 01 ක් පමණයි.

මෙම පනත් කෙටුම්පත 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම සඳහා වූ පනත් ගකටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූයේ පසුගිය අගෝස්තු 07 වැනිදායි.

Share This