ජපාන අගමැතිගේ උත්සවයක් අතරතුර පිපිරීමක්

ජපාන අගමැතිගේ උත්සවයක් අතරතුර පිපිරීමක්

ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida සහභාගී වී සිටි ප්‍රසිද්ධ උත්සවයක් අතරතුර දී දුම් බෝම්බයක් පිපිරී තිබෙනවා.

එහිදී ජපාන අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂකයින් විසින් ආරක්ෂිතව ඔහු එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පුද්ගලයෙකු විසින් උත්සවය පැවැත්වෙන ස්ථානයට දුම් බෝම්බය විසි කර ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වී තිබෙනවා.

කෙසේවෙතත් සැකකරු විසින් මෙම ප්‍රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්.

අදාළ ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දුම් බෝම්බය එල්ල කළ සැකකරු ආරක්ෂක අංශ භාරයට ගන්නා අවස්ථාව දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය විසින් නිකුත් කර තිබෙනවා.

එම වීඩියෝව පහතින් …….

Share This