ජපාන අහසට ගිය චීන හමුදා ගුවන් යානය

ජපාන අහසට ගිය චීන හමුදා ගුවන් යානය

චීන හමුදා ගුවන් යානයක් තම ගුවන් සීමාව උල්ලංඝනය කර ඇති බවට ජපානය චෝදනා කරනවා.

මෙවැනි ආකාරයේ සිදුවීමක් වූ පළමු අවස්ථාව මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව Y-9 වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් මෙලෙස ගුවන් සීමාව උල්ලංඝනය කර ඇති අතර එය භෞමික ගුවන් සීමාව උල්ලංඝනය කිරීමක් ලෙස විදෙස් විචාරකයින් පෙන්වාදෙනවා.

එමෙන්ම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ මෙම ගුවන්යානය බුද්ධි තොරතුරු එක්රැස් කිරීමේ යානයක් ලෙසයි.

මෙම සිද්ධිය කනස්සල්ලට හේතු වී ඇති අතර මෙම ආක්‍රමණය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දැක්වීමට සහ අනාගතයේදී එවැනි කඩකිරීම් වලක්වන ලෙස ඉල්ලා සිටීමට රාජ්‍ය තාන්ත්‍රික අවධානය යොමු කරවා ගැනීමට ජපාන බලධාරීන් කටයුතු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ ඔවුන්ට කිසිදු රටක ගුවන් කලාපය ආක්‍රමණය කිරීමේ අදහසක් නොමැති බවයි.

Share This