ජපාන මුහුදු තීරයේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිලී යාමෙන් 8ක් ජීවිතක්ෂයට

ජපාන මුහුදු තීරයේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිලී යාමෙන් 8ක් ජීවිතක්ෂයට

ජපාන මුහුදු තීරයේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිලී යාමෙන් චීන ජාතිකයින් කිහිප දෙනෙකු ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව චීන බලධාරීහු පවසා තිබෙනවා.

Jin Tian නෞකාව ගිලී යාමට පටන්ගත්දා සිට ගලවා ගැනීමේ සේවකයින් දිවි ගලවා ගත් අය සොයමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ජපානයේ වෙරළාරක්ෂක හමුදාව, දකුණු කොරියාවේ වෙරළාරක්ෂකයින් සහ පෞද්ගලික යාත්‍රා සහ ගුවන් යානා සෝදිසි කිරීම් සඳහා සම්බන්ධ වී ඇති අතර මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.

බේරාගෙන ඇති පුද්ගලයින් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල නොවන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Jin Tian නෞකාව පුද්ගලයන් 22 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

ජපානයේ Fukuoka නගරයේ චීන කොන්සල් ජනරාල් Lu Guijun පවසන පරිදි මියගිය අයගෙන් 6 දෙනෙකු චීන ජාතිකයන් වනවා

චීන කොන්සල් ජනරාල් Lu Guijun ලබා දුන් මරණ සංඛ්‍යාව ජපාන බලධාරීන් තවමත් තහවුරු කර නොමැති නමුත් පුද්ගලයින් 9 දෙනෙකු අතුරුදන්ව සිටින බව පවසා තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

නෞකාව ගිලී යාමට හේතුව මෙතෙක් ප්‍රකාශ කර නැහැ.

හොංකොං ධජය සහිත නෞකාව පසුගිය මාසයේ මැලේසියාවේ ක්ලැන්ග් වරායෙන් පිටත් වී දකුණු කොරියාවේ ඉන්චියොන් වෙත පැමිණීමට නියමිතව තිබුණ බව විදෙස් මාධ්‍ය පවසනවා .

Share This