ජපානයෙන් චීනය මුහුදු ආහාර ආනයනය කිරීම 67% කින් පහළට

ජපානයෙන් චීනය මුහුදු ආහාර ආනයනය කිරීම 67% කින් පහළට

ටෝකියෝව හානියට පත් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් පිරිපහදු කළ අපද්‍රව්‍ය මුදා හැරීම ආරම්භ කිරීමත් සමග චීනය පසුගිය මාසයේ ජපානයෙන් මුහුදු ආහාර ආනයනය කිරීම  පහත වැටි තිබෙනවා

ජපන් මුහුදු ආහාර ආනයනය පසුගිය වසරේ එම මාසයට වඩා අගෝස්තු මාසයේදී 67.6% කින් පහත වැටී ඇති බවයි චීනයේ රේගු අධිකාරිය පවසන්නේ

ජපානයේ කෘෂිකර්ම හා ධීවර අමාත්‍යාංශය පවසන්නේ චීනය ලොව ප්‍රමුඛතම මුහුදු ආහාර ආනයනකරුවා බවයි.

ජපානය අපද්‍රව්‍ය මුදා හැරීම ආරම්භ කිරීමට සූදානම් වන විට සහ මුදා හැරීමෙන් පසුව මෙම තියුණු පහත වැටීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට දැඩි ලෙස හානි සිදු කළ 2011 සුනාමියෙන් පසු, පිරිපහදු කළ අපද්‍රව්‍ය පසුගිය අගෝස්තු 24 දින සිට එය මුදා හැරීම ආරම්භ කළා

ජපානයේ සහ පුළුල් කලාපයේ ධීවර කර්මාන්ත කණ්ඩායම් ද ඔවුන්ගේ ජීවනෝපාය කෙරෙහි අපද්‍රව්‍ය මුදා හැරීම පිළිබඳව එම අවස්ථාවේ අප්‍රසාදය පළ කරනු ලැබුවා

කෙසේවෙතත් ජපානය පවසා සිටියේ ජලය ආරක්ෂිත බවයි

Share This