ජපානයේ අධික පිරිසක් නිවෙස් තුළම මියගිය බවට වාර්තාවක්

ජපානයේ අධික පිරිසක් නිවෙස් තුළම මියගිය බවට වාර්තාවක්

2024 වසරේ පළමු භාගය තුළ ජපානයේ 40,000 කට ආසන්න පිරිසක් ඔවුන්ගේ නිවෙස් තුළ පමණක් මිය ගිය බව එරට පොලිසියේ වාර්තාවක් පෙන්වාදී තිබෙනවා.

එම සංඛ්‍යාවෙන්, පුද්ගලයන් 4,000 කට ආසන්න සංඛ්‍යාවක් ඔවුන් මිය ගොස් මාසයකට වැඩි කාලයකට පසුව සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තවද මළ සිරුරු 130 ක් සොයා ගැනීමට පෙර, ඒවා වසරකට පෙර අතුරුදහන් වූ බව එරට ජාතික පොලිස් ඒජන්සිය ප්‍රකාශ කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව දැනට ලෝකයේ වයස්ගතම ජනගහනය සිටින්නේ ජපානයේ බව සඳහන්.

එම වාර්තාව මඟින් බලාපොරොත්තු වන්නේ රටෙහි වර්ධනය වන එහි වයස්ගත ජනගහනයෙන් විශාල සංඛ්‍යාවක් තනිවම ජීවත් වන සහ මිය යන ප්‍රශ්නය පිළිබඳව එරට බලධාරීන් දැඩි අවධානය යොමුකරන බවයි.

Share This